Posts

දුකට මුල්වන තණ්හාව බුදුරජාණන් වහන්සේගේ නිරන්තර අවධානයට ලක්වුයේ සත්වයන් ඉදිරියේ නො විසදුන ගැටළුවක් වශයෙන් පවතින සත්වයා ජාති, ජරා, මරණ ආදි දුකට පත්වීම යි. මේ දුක්ඛිත සසර ගමන නවතාලීම බුදුරජාණන් වහනසේ්ගේ අරමුණ විය. ලෞකික ජිවිතයේ නිසරු බව වටහා ගත් උන්වහන්සේ සත්ත්්වයන් සසර දුකින් එතෙර කරවීමෙහි ලා කැපවූ ශාස්තෘවරයෙකි. උන්වහන්සේගේ දේශනාවල හරය නිවන ම විය. බෝසත් අවධියේ පටන් උන්වහන්සේ මේ සසර දුක පිළිබඳව අවධානය යොමු කර ඇත. ඉතා සුකුමාල රජ කුමරුවකු ලෙස සැපවත් ජිවිතයක් ගෙවුව ද තමා ජිවත්වන පරිසරය දෙස විචාරශීලීව බැලු බෝසතුන්ට සත්ත්වයන් ගෙවන පීඩිත හා හරසුන් ජීවිත පිළිබඳව අවබෝධ වන්නට විය. ගිහිගෙය හැර යෑම මෙහි ප්‍රතිඵලයකි. තමා සතු සියළු සැප සම්පත් අතහැර දමා පැවිදි වූයේ එම සම්පත් වලින් ලබන සැපය නියම සැපය නො වන බව වැටහුණ බැවිණි. —කිං සච්ච ගවේසී ව˜ හැසිරුණේ මේ ලෝකයේ පවතින සදාතනික සත්‍යය අවබෝධ කර ගැනිමට යි.  බෝසතුන් බෝ මැඩ දී බඹයක් පමණ වූ තම ශරිරය තුළින් මුළුමහත් විශ්වය පුරා පවතින සදාතනික සත්‍යය අවබෝධ කර ගත්හ. එම අවබෝධය දේව අනාවරණයක් හෝ වෙනත් කෙනෙකුගේ ඉගැන්විමක් හෝ නො වීය. පරම පවිත්‍ර අවබෝධය උන්වහ...