දුකට මුල්වන තණ්හාව

බුදුරජාණන් වහන්සේගේ නිරන්තර අවධානයට ලක්වුයේ සත්වයන් ඉදිරියේ නො විසදුන ගැටළුවක් වශයෙන් පවතින සත්වයා ජාති, ජරා, මරණ ආදි දුකට පත්වීම යි. මේ දුක්ඛිත සසර ගමන නවතාලීම බුදුරජාණන් වහනසේ්ගේ අරමුණ විය. ලෞකික ජිවිතයේ නිසරු බව වටහා ගත් උන්වහන්සේ සත්ත්්වයන් සසර දුකින් එතෙර කරවීමෙහි ලා කැපවූ ශාස්තෘවරයෙකි. උන්වහන්සේගේ දේශනාවල හරය නිවන ම විය. බෝසත් අවධියේ පටන් උන්වහන්සේ මේ සසර දුක පිළිබඳව අවධානය යොමු කර ඇත. ඉතා සුකුමාල රජ කුමරුවකු ලෙස සැපවත් ජිවිතයක් ගෙවුව ද තමා ජිවත්වන පරිසරය දෙස විචාරශීලීව බැලු බෝසතුන්ට සත්ත්වයන් ගෙවන පීඩිත හා හරසුන් ජීවිත පිළිබඳව අවබෝධ වන්නට විය. ගිහිගෙය හැර යෑම මෙහි ප්‍රතිඵලයකි. තමා සතු සියළු සැප සම්පත් අතහැර දමා පැවිදි වූයේ එම සම්පත් වලින් ලබන සැපය නියම සැපය නො වන බව වැටහුණ බැවිණි. —කිං සච්ච ගවේසී ව˜ හැසිරුණේ මේ ලෝකයේ පවතින සදාතනික සත්‍යය අවබෝධ කර ගැනිමට යි. 

බෝසතුන් බෝ මැඩ දී බඹයක් පමණ වූ තම ශරිරය තුළින් මුළුමහත් විශ්වය පුරා පවතින සදාතනික සත්‍යය අවබෝධ කර ගත්හ. එම අවබෝධය දේව අනාවරණයක් හෝ වෙනත් කෙනෙකුගේ ඉගැන්විමක් හෝ නො වීය. පරම පවිත්‍ර අවබෝධය උන්වහන්සේ විසින් ම අවබෝධ කරගත් එකකි. එම නිසා බුදුරජාණන් වහන්සේ zzඅහමෙවං ජානාමි, අහමෙවං පස්සාමි˜ මම මෙය දනිමි, මම මෙය දකිමි. යනුවෙන් ප්‍රතිඥා කරයි.

සිද්ධාර්ථ ගෞතමයන් කළේ ආර්ය පර්යේෂණය යි. මේ ලෝකයේ යම් පුද්ගලයකු ජාති, ජරා, මරණ, සෝක, සංකිලේස ස්වභාවයන්ට ලක්වුයේ, එහි ආදිනව දැක අනුත්තර වූ කාමාදී බැමිවලින් නිදහස් වූ නිවන සොයයි නම්, එය ආර්ය පර්යේෂණය යි. බෝ මැඩ දී බුදුහිමියන් සත්ත්වයන් ජාති, ජරා, මරණ ආදී දුක්ඛයන්ට පත්වෙමින් මේ බියකරු සසරේ දිගින් දිගට ගමන් කිරිමට සිදුවන හේතුව තණ්හාව බව අවබෝධ කර ගත්හ. තණ්හාව පවතිනතාක් කල් සසර ගමන නැවැත්විය නො හැකි ය. සසර ගමන නැවැත්විමට නම් තණ්හාව නැති කොට නිවනට පත්විය යුතු ය. තණ්හාව, ප්‍රේමය, ආශාව, ඇල්ම, කැමැත්ත, රුචිය යන මේ වචනවලට විවිධ සන්දර්භයන්හි විවිධ අරුත් ඉදිරිපත් වන බව පැහැදිළි ය.

සිතෙහි ස්වභාවය අරමුණු වින්දනය කිරිම යි. චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය  යනු ඉන්ද්‍රියන් පහ(5)කි. එම පංච ඉන්ද්‍රියයන් ඒ-ඒ ඉන්ද්‍රියයන්ට අනුව  විවිධ අරමුණු ගනියි. zzචක්ඛුං ච පටිච්ච රූපේ උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණ.........ZZ මධුපිණ්ඩික සුත්‍රයෙහි එය විස්තර වෙයි. ඉන්ද්‍රියයන්ගේ ස්වභාවය අරමුණු ගැණීම යි. ඒ ගන්නා ලද අරමුණු අප්‍රිය, අමනාප ලෙස ගන්නේ සිතිනි. 

චක්ඛු (ඇස) රූප
සෝත (කණ) ශබ්ද
ඝාන (නහය) ගන්ධ
ජිව්හා (දිව) රස
කාය (ශරිරය) ඵොට්ඨබ්භ
   
ඇසට රූපය ආහාරය යි. ඇසෙන් රූපය ග්‍රහණය කර ගනියි. එම රූපය හොඳයි, ලස්සනයි, නරකයි, අවලස්සනයි ආදි වශයෙන් තීරණය කරන්නේ සිතිනි. ප්‍රිය මනාප ලෙස දකින රූපය කෙරෙහි ඇලෙයි, එය නැවත නැවත දැකිමට ආශා කරයි, එය තමාගේ කර ගැනිමට සිතයි, මමත්වයෙන් මමායනයෙන් යුතුව කල්පනා කරයි, අප්‍රිය රූපයන් කෙරෙහි ගැටෙයි, බැහැර කරයි. මේ අයුරින් අනෙකුත් ඉන්ද්‍රියයන් මගින් ද ඒ-ඒ ඉන්ද්‍රියයන්ට ගෝචර වූ අරමුණු සිතින් වින්දනය කර මිහිරි, අමිහිරි, රළු, සිනිඳු ආදී වශයෙන් යම් නිගමන වලට එළඹෙයි. මෙසේ යම් අරමුණක් කෙරෙහි ඇලෙයි ද, එය නැවත නැවත වින්දනය කිරිමට පෙළඹෙයි ද, රුචිකරයි ද එම ඇල්ම, ආශාව, තණ්හාව යි. යම් අරමුණක් කෙරෙහි ගැටීම් සහගත සිතින් අප්‍රිය කරයි ද, බැහැර කරයි ද එය පටිඝය යි. යම් අරමුණක් එසේත් නැතහොත් යම් ජිව අජිව වස්තුවක් ප්‍රිය මනාප ලෙස, සැපයක් ලෙස සැලකිම පුහුදුන් ස්වභාවය යි. 

—ඉෂ්ඨ වූ ප්‍රිය වූ මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ ධර්ම යම්තාක් වෙත් ද, ඒවා ඇතැයි ගැනීම පුහුදුන් පුද්ගලයාගේ ස්වභාවය යි.˜    -සං. නි. ද්වයතානුපස්සනා සූත්‍රය -

        බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට අනුව තණ්හාව වරදක් ද? හැටියක් ද? සත්ව සන්තතිය සමස්ථයක් වශයෙන් ගෙන බැලීමේ දී මෙය වරදක් නො වේ. එය පුහුදුන් ස්වභාවය යි. ඒ නිසාම තණ්හාව දුරු කළ යුත්තකි. පුහුදුන් පුද්ගලයාගේ සිතේ ස්වභාවය නිතර ම නැති දෙයක් ඇති දෙයක් ලෙස  සැලකිම යි. එම නිසා සත්‍යය නො වන සදාකාලික නො වන සැපයක්, සැපයක් ලෙස සලකයි. එමගින් සසර බැඳීම් ඇති කරගෙන සසර දිගු කර ගනියි. එම නිසා ම සතර අපායාදී දුගතියට වැටෙන වාර ගණන ද ප්‍රමාණ වශයෙන් කිව නො හැකි ය. 

—මහණෙනි, අශ්‍රැතවත් පෘථජ්ජනයා මෙය මම ය, මගේ ය, මම වෙමි යි, මේ මාගේ ආත්මය යැ යි තණ්හාව වශයෙන් කල්පනා කර, බැස ගන්නා ලද බැවින් මමත්වයෙන් ගන්නා ලද බැවින් සසර දුක ම උරුම කර ගනියි. ˜ 
- සං. නි. අස්සුතවන්තු සූත්‍රය -

        ඉන්ද්‍රියයන් මගින් ගනු ලබන ස්ථීර නො වන සදාකාලික නො වන වස්තු කෙරෙහි ඇලිම තණ්හාවේ ස්වභාවය යි. පුහුදුන් පුද්ගලයාගේ සිත තණ්හාවෙන් වැසී ගිය කල සත්‍යය කුමක් ද යන්න වටහාගත නො හැකි වෙයි.  ඉන්ද්‍රියයන් මගින් ගනු ලබන අරමුණු දැඩිව අල්වා ගැනිම තුළින් ලෝකය නිත්‍ය වශයෙන් ගන්නා සක්කාය දිට්ඨිය ඇතිවෙයි. පංච උපාදානස්ඛන්ධය යනු ද එහි එක් අවස්ථාවකි. පුහුදුන් පුද්ගලයා තණ්හාවට දාස වෙමින් දුක්ඛිත බියකරු සසර ගමන පිළිබඳ අවබෝධ රහිත තව තවත් ඇලීම් ගැටීම් තුළින් සසර ගමන දිගු කර ගනියි. පංච කාම වස්තු සේවනයෙන් ලබන සැපය තවාකාලික සැපයක් බව වටහා ගැනීම අපහසු ය. තුවාලයක් කැසීමේ දී යම් සැපයක් තාවකාලිකව ඇතිවන්නා සේ පංච කාම වස්තු සේවනය ද තවකාලික සැපයකි. පසුව මහත් දුක්ඛ දායක තත්වයට පත් වන්නකි. කාමයෙන් අන්ධ වු පුහුදුන් සත්වයන්ට මේ තත්වය වටහා ගැනිම ඉතා අපහසු ය.

           ලොව්තුරා බුුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, තණ්හාවට බැෙඳන සිත තුළ නිරතුරුව ම ශෝකය හා භය හටගන්නා බව යි. තණ්හාවෙන් මිදුණු පුද්ගලයා තුළ ශෝකය හා බිය නැති බව යි. තණ්හාවකින් ආශාවකින් තොරව බලාපොරොත්තු අපේක‍ෂා නො පවතියි. අපේක‍ෂා භංග වූ විට කෙනෙකුට ජිවිතය අවශ්‍යය නො වෙයි. මිනිසුන් අපේක‍ෂා මත ජිවිතය පවත්වා ගෙන යයි.
—තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං
 තණ්හාය විප්පමුත්තස්සනත්ථී සෝකෝ කුතෝ භයං˜

        තණ්හාව ක‍ෂය කළ උතුමෝ නම් බුදු, පසේබුදු, මහරහත් උතුමන් ය. පුහුදුන් පුද්ගලයන් තුළ අඩු වැඩි වශයෙන් තණ්හාව පවතියි.  මෙහි දී දැඩිව ඇලිම නිසා එම ඇලීම කරණ කොට ගෙන තමාගේ කර ගැනිමට උත්සාහ කිරිම නිසා ශෝක, බිය ඇති වූ අයුරු පැහැදිළි වෙයි. එම ඇලිම් නැති බැදීම් නැති උතුමන්ට මෙවැනි විපත් කරදර නැත.
පුහුදුන් පුද්ගලයා සසරට ඇති කැමැත්ත නිසා, පංචකාම සම්පත් විඳීමට ඇති ආශාව නිසා සහ සසර බියට කරුණු නො දන්නා නිසා සසර තුළ ම සිටිමට ආශා කරයි. ප්‍රිය වු මනාප වු වස්තු ම ඇලූම් කරයි. එහි ම ඇලී ගැලී කටයුතු කරයි.  zzඅතසිතායේ ඨානේ තාසං ආපජ්ජති˜ තැති නො ගත යුතු තැන තැති ගනියි. බන්ධනය, බැදිම යනු යම් දවසක කැඩීමට, බිඳීමට ලක්වන ස්වභාවයකි, තත්ත්වයකි. බැඳීම් සදාකාලික නො වෙයි. අප සතුව ඇති සියළු ජිව අජිව වස්තුන් ද අතහැරිමට නියමිත ය.  ඒ ගැන සැකයක් නැත. සියල්ල සදාකාලිකව අල්වා ගැණිමට හැකියාව ඇති කිසිවකුත් නැත.

විශාල වෘක්ෂයක් අවුරුදු දහස් ගණනක් පැරණි විය හැකි ය. නමුත් ඔබට එම වෘක්ෂයට අයිතිය කීමට හැකියාව ඇත්තේ  උපරිම වසර 100කි. මේ අපි දැඩිව අල්වාගෙන සිටින ආශා කරන බැඳීම් ඇති කර ගෙන සිටින ආශා කරන බැදිම් ඇති කර ගෙන  සිටින සියල්ල ම අපිට අයිතිව පවතින්නේ උපරිම වසර 100කි. ඒ කිසිවකු වසර 100 කට වඩා වර්තමානයේ ජිවත් නො වන බැවිණි. සත්‍යය එය ම ය. යමක් යම් තරමකට ඇලෙයි ද ඒ හා සමානව ම ගැලවීමට ද අපහසු ය. මිනිසුන් වස්තුන් කෙරෙහි යම් තරමකට ඇලෙයි ද එහි ඇලීම ද පහසුවෙන් ඉවත් කළ නො හැකි ය.

අඹුදරුවන් පෝෂණය කරමින් ජිවත් වන ගිහි ජනයා මෙහි දී වටහා ගත යත්තේ කුමක් ද? සියළු සැප සම්පත් අත හැරීම ද? වස්තුව මිළ මුදල් හරි හම්බ කර නො ගනිමින් ජිවත් විම නො වෙයි. මිල මුදල් ඉඩකඩම් ජිවත් විම සඳහා අවශ්‍යය වෙයි. එම සැප සම්පත් බුදු දහමෙහි ගිහියා විෂයෙහි ප්‍රතික්ෂේප වී නැත.  දුප්පත්කම ධනය, වස්තුව නැති බව ද ගිහියාට දුකකි. 

ගිහියන් විෂයෙහි පවතින සැප 4ක් අත්ථී සුඛ, භෝග සුඛ, අනණ සුඛ, අනවජ්ජ සුඛ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. භෝග සුඛ යනු මිළ මුදල් ඉඩකඩම් ආදී සැප සම්පත් ය. මෙයින් බුදුහිමියන් ගිහියන් විෂයෙහි වස්තුව රැස් කිරීම එක හෙලා බැහැර කොට නැත. බුදුරජාණන් වහන්සේ සත්ත්වයන්ට සැප වින්දනය කිරිම ප්‍රතික්ෂේප කර නැත. ගත සිත දෙක ම යහපත්ව පවත්වා ගෙන යෑමට බුදුහිමියන් තරම් අවධානය යොමු කළ වෙනත් ශාස්තෘවරයෙක් නැත. ඒසේ ම දියුණු වීමට හා යහපත්ව ජිවත් වීම සඳහා බුදුහිමියන් විවිධ දේශනාවන් සිදු කොට ඇත. 

—ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති˜

තමා විසින් උපයා ගන්නා ධනයෙන් එක කොටසක් ආහාර සඳහා ද කොටස් දෙකක් කර්මාන්ත සඳහා ද විපත් කරදර සිදු වූ විට ප්‍රයෝජන ගැනිම සඳහා කොටසක් තැම්පත් කොට තබා ගැනිමේ වැදගත් කම ද බුදුහිමියන් පෙන්වා දී ඇත. බුදුරජාණන් වහන්සේ සත්ත්වයන්ට සැප වින්දනය කිරිම ප්‍රතික්ෂේප කර නැත. යහපත්ව දිවි පවත්වා ගෙන යෑමට බුදුහිමයන් තරම් අවධානය යොමු කළ වෙනත් ශාස්තෘවරයෙක් නැත. බුදුරජාණන් වහන්සේ සත්වයන්ට සැප වින්දනය කිරිම ප්‍රතික්ෂේප කර නැත. බුදුහිමියන් දේශනා කරන්නේ අනිසි ලෙස වස්තු තණ්හාව විනාශයට මෙන් ම දුක් කරදර වලට භාජනය විමක් ලෙස සි. මෙහි දී වටහා ගත යුත්තේ කුමක් ද? අධික වස්තු තණ්හාව දුක් කරදර බිය ශෝකය යන තත්ත්වයන්ට ඇද දමන බවයි. මෙලොව පරලොව සාර්ථක කරගෙන ජිවත් වීම සඳහා සරල සැහැල්ලූ ජිවිත ගත කිරිම වඩා වැදගත් බව යි. 

සො චක්ඛුනා රූපං දිස්වා පිය රූපෙ රූපෙ න සාරජ්ජති. අප්පිය රුපේ න බ්‍යපප්ජති උප්පට්ඨිත කායසතී ච විහරති අප්පමාන චෙතසො තඤ්ච චෙතොවිමුක්තිං පඤ්ඤාවිමුක්තිං යථාභුතං පජානාති..........
මහා තණ්හාසංඛය සුත්‍රයෙහි මේ දුක් නිරුද්ධ කරන කි්‍රයාවලියක් ඉදිරිපත් කර ඇත. යම් පුද්ගලයෙක් ඇසින් රුපයක් දැක ප්‍රිය සහගත රුපයෙහි නො ඇලෙයි. අප්‍රිය සහගත රුපයෙහි නො ගැටෙයි. කය පිළිබඳ එළබ සිටි සිහියෙන් කටයුතු කරයි. ඇලිම් ගැටිම්වලට නොපැමිණ සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ වින්දනයන්හි අභිනන්දනයෙන් තොරව කටයුතු කරයි. එයින් සමස්ථ දුකම නිරුද්ධ වෙයි. 

          ඉතා දීර්ඝ සසර ගමනක් යන අපි මේ නැවතී සිටින්නේ එක්තරා නවාතැන් පොළක ය. අප මෙයින් පසු නැවත වෙනත් තැනක ඉපදිමට නියමිත ය. නිවන් දකින තෙක් මෙය උරුම වන්නකි. මෙම නවාතැන් පොළෙන් ඊළ`ග නවාතැන් පොළට අප රැගෙන යන මාර්ගෝපකරණ නම්, කරගත් හොඳ නරක පමණි. ආශාවෙන් ආදරයෙන් පෝෂණය කළ රැකගත් අඹුදරුවන් හා එකතු කරගත් වස්තු මිළ මුදල් ආදි සියල්ල දමා යෑමට නියමිත ය. පරම සත්‍යය එය යි. 

කිතගම සමිත හිමි

Comments